Monday, July 4, 2011

Microworkers පාඩම 5 - අතිරේක අවශ්‍යතා



ඔයගොල්ලෝ මේකේ තියෙන ජොබ් කරන්න ගත්තහම තවත් අතිරේක අවශ්‍යතා ටිකක් මතු වේවි. ඉතින් ඒ වෙලාවට තැවී තැවී ඉන්නේ නැතුව මම පහල කියල තියෙන ගිණුම ටිකත් විවෘත කරගත්තොත් ඔයාලට වැඩි ජොබ් ප්‍රමාණයක් කරන්න පුළුවන් වෙයි.


Facebook  ගිණුමක්

ගොඩක් අයට දැනටමත් ඉතින් facebook  ගිණුමක් නම් ඇතිනේ. ඒත් microworkers එකේ ඔයාල facebook  සම්බන්ධ ජොබ් එකක් කලොත් එකේ එක අවශ්‍යතාවයක් තමා facebook  ගිණුම public කරලා තියෙන එක. මොකද ඒ අයට ඔයාල හරියට වැඩේ කලාද කියල බලාගන්න ඕනිනේ. හැබැයි මේ දවස් වල තියෙන තත්වයත් එක්ක ගොඩක් අය තමන්ගේ ෆේස් බුක් ගිණුම යාලුවන්ට විතරක් පේන්න නේ හදල තියෙන්නේ. ඒක ඉතින් ඇත්තටම ආරක්ෂාවට හොදයි. ඒ නිසා මම නම් කියන්නේ පුලුවන්නම් බොරු (fake) ගිණුමක් හදාගන්න. හැබැයි යාලුවොත් 50 කට වඩා ඉන්න ඕනි. 

E- mail  ගිණුමක්

මේකත් microwarkers  වලටම වෙන් වුන ගිණුමක් කරගන්න. මොකද ගොඩාක් ජොබ් වලදී ඔයාලගේ ඊ මේල් ගිණුම ලබා දෙන්න වෙනවා. ඒකට දැනට ඔයාලගේ පාවිච්චි කරන ගිණුම දෙන වට වඩා  වෙනම එකක් පාවිච්චි කරන ඒක ලේසියි. Gmail ගිණුමක් හදා ගත්තොත් ගොඩාක්ම ලේසියි.

Youtube   
 කාරයක akaකක්ද මේ කියල කිව්වොත්
මේකත් ඔයාලට වැඩි ජොබ් ප්‍රමාණයක් කරන්න අත්‍යවශ්‍ය වෙන එකක්. www.youtube.com ගිහින් sign up වෙලා ඔයාලගේ තොරතුරු දීල ගිණුමක් හදාගන්න. ඊ මේල් ඒක විදිහට කලින් හදා ගත්ත gmail ලිපිනය දෙන්න. එතකොට වැඩේ ලේසියි.

Twitter ගිණුමක්

www.twitter.com එකට ගිහින් ලියා පදිංචි වෙන්න. කරන්න තියෙන්නේ join today කියන තැනට ගිහිල්ල අදාළ තොරතුරු ටික දීල sign up වෙන ඒක. හැබැයි ඔයාලට වැඩි ගානක් ගෙවන twitter ජොබ් එකක් ලබා ගන්න නම් ඔයාලගේ ට්විටර් ගිණුමේ වැඩි අනුගාමිකයෝ (followers) ල සංඛ්‍යාවක් ඉන්න ඕනි. ඒකට කරන්න තියෙන්නේ ඔයාල මුලින්ම දැනට ට්විටර් ජාලයේ ඉන්න කට්ටියගේ අනුගාමිකයෝ වෙන එකයි. මේකට ඒ අයව අදුරන්න ඕනි නැහැ. ලංකාවේ අය වැඩිය ටිවිටර් වල නැති නිසා පිටරට කට්ටියගේ හරි කමක් නැහැ අනුගාමිකයෙක් වෙන්න. තව හොද profile picture එකකුත් දාගෙන tweet එකකුත් දාන්න. මම නම් කලේ මුලින්ම sports කියන කොටසේ ඉන්න අයගේ අනුගාමිකයෙක් වෙලා ක්‍රීඩා වලට අදාළ හොද වැකි ටිකක් නෙට් එකෙන්ම හොයල මගේ වගේ tweet කරපු එක. ටික දවසක් යද්දී ඔයාවත් follow කරන පිරිසක් ඇති වේවි. ට්විටර් වල ෆේස් බුක් එකේ වගේ request  යවන්න එහෙම බැරි නිසා ටික දවසක් යයි folllowers ල ටිකක් හදා ගන්න.

Digg හරි Stumbleupon හරි ගිණුමක්

ඔයාල දන්නවා ඇතිනේ සෝෂල් බුක් මාකින් සයිට් ගැන. එහෙම එකක දෙකකත් සාමාජිකත්වය අරගෙන ඉන්න එක හොදයි ඉස්සරහට එන ජොබ් කරන්න. ඒ සදහා,
www.stumbleupon.com  ගිහින් සාමාජිකත්වය ගන්න පුළුවන්.

yahoo.answers ගිණුමක සාමාජිකත්වය

දන්නවනේ මේක ප්‍රසිද්ධ ෆෝරම් එකක් කියල. www.answers.yahoo.com ගිහින් සාමාජිකත්වය ගන්න පුළුවන්. හැබැයි එකපාරටමේ මේකට ගිහින් ජොබ් කරන්න යන්න එපා. මේ ෆෝරම් එකේ ඔයාලට ලකුණු දෙන විදිහක් තියෙනවා.
ඉතින් මේකේ ලකුණු වැඩි වෙන විදිහට yahooanswers වල ඔයාලට කරන්න පුළුවන් ජොබ් ප්‍රමාණයත් වැඩි වෙනවා.  හැබැයි මතක තියා ගන්න වැඩිය ස්පෑම් ලිනක්ස් ඔයාල මේ ෆෝරම් එකට දාන්න එපා. එහෙම කියල තේරුනොත් ඔයාගේ ගිණුම අත්හිටුවන්න එයාලට පුළුවන්. මොකද මටත් එහෙම එකක් උනා.

ඊලගට  තමයි අපේ පාඩම් මාලාවේ අවසාන කොටස. Microworkers වල ඉකමනින් මුදල් හොයන්නේ කොහොමද කියන එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.

3 comments:

  1. මමනම් ජොබ්ස් තෝරාබේරාගෙන කරන්නේ, එනිසා තාම එකක්වත් වැරදිලා නෑ, මගේ මතය හැටියට නම් yahoo ජොබ්ස් කරන එක ඇඟට ගුණ නෑ.

    http://lankarupee.blogspot.com/

    ReplyDelete
  2. Thank you very much machan..... really thanks.... I'll try this....

    ReplyDelete
  3. Ow ban Yahoo Aanswer account 1ka block karala thiyenne mage

    ReplyDelete