Monday, July 4, 2011

Microworkers පාඩම 4 - අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණු



Success Rate

Success Rate එක මත තමා ඉදිරියේදී ඔයාලට ජොබ් කීයක්‌ කරන්න පුලුවන්ද කියන එක තීරණය වෙන්නේ. ඒ පිලිබදව ඉගෙන ගන්න කලින් තවත් දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ සදහා “Tasks I Finished” කියන tab එකට යන්න.
එතන ඔබට පේනවා ඇති දෙවනියට රවුම් කර ඇති කොටස. දැන් බලමු එහි සදහන්ව ඇති දේ වලින් කියන්නේ මොකක්ද කියල




Satisfied & Paid
ඔබ විසින් කරන ලද ජොබ් 1 ක් ඉදිරියෙන්  හරි ලකුණ වැටෙනවා කියන්නේ, ඔබ විසින් සාර්ථකව ජොබ් එක අවසාන කලා කියන එක. මෙහිදී ඔබට ලැබිය යුතු සම්පූර්ණ මුදල ඔබේ ගිණුමට බැර වෙනවා.
                                             
Not Satisfied
                                           
ඔබ විසින් කල ජොබ් එක ප්‍රතික්ෂේප වී නම් වැරදි ලකුණ අදාළ ජොබ් එක ඉදිරියෙන් දැක්වේ. මෙය යහපත් තත්වයක් නොවන අතර ඔබගේ Success Rate එක අඩු කිරීමටද හේතු වේ.      

       Pending Employer Review

      මේ විදිහට සදහන් වෙන්නේ ඔබගේ ජොබ් එක තවම පරීක්ෂා කර නැති අවස්ථා වලදීයි.
      Pending අවස්ථාවේ ජොබ් එකක් තිබෙන විට එය ඔබගේ Tempary Success rate එකටත්          
      බලපානවා
 
හරි එහෙනම් අපි බලමු මේ success rate එක කියනේ මොකක්ද කියල.


      Success rate එක කියන්නේ ඔබ විසින් නිම කල ඇගයීම් කරනලද ජොබ් ගණන සහ ඔබ විසින් සාර්ථකව               නිම කල ජොබ් ගණන අතර අනුපාතයේ ප්‍රතිශතයයි.  සරලව ගණිතයමය විදිහට කිවවොත්,


    Success rate =  {Satisfied Jobs/ (Satisfied jobs + Not Satisfied jobs)} *100

    තව ටිකක් පැහැදිලි වෙන්න අපි උඩ තියෙන උදාහරණය ගමු. 

Success rate =  {Satisfied Jobs (63)  / (Satisfied jobs (63) + Not Satisfied jobs (5))}
                        =     (63/ 68) * 100
                        =     93 %


 මෙතනදී Pending Jobs  සලකන්නේ නැහැ. හොදට මතක තියාගන්න,මෙහි අගය 75% ට වඩා අඩු
උනොත් ඔබට ජොබ් කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අඩුවෙන් වැරදි කරන්න උත්සහ කරන්න. නමුත් success rate  එක 75% ට අඩු උනා කියල අතාරින්න එපා. මොකද මාසයකින් පස්සේ  not Satisfied ලකුණ මෙනු ඒකෙන් ඉවත් වෙන නිසා. ඊට පස්සේ අයේ ජොබ් කරන්න පටන් ගන්න පුළුවන්.


Tempary Success Rate:
  
මේක තමා අනිත් වැදගත් දෙය. මේකෙන් කියන්නේ අපිට දවසකට කොච්චර ජොබ්ස් ප්‍රමාණයක් කරන්න පුලුවන්ද කියන එක.මේක ගණනය කරන්නේ පහත දාල තියෙන ආකාරයට,

Temporary Success Rate = {Satisfied Jobs / (Satisfied Jobs + Not rated jobs + Pending )}%


අපි උඩ දීල තියෙන උදාහරණය ගත්තොත්, එකේ Temporary Success Rate එක 75% යි, ඒ කියන්නේ

Temporary Success Rate = {Satisfied Jobs (63)  / (Satisfied Jobs (63)  + Not rated jobs (5)
                                              + Pending (16)}*100
                                       = 63 / (63+5+16)   = 63/ 84
                                       = 75%
   
මේ අනුව අපිට දිනකදී කල හැකි ජොබ්ස් ප්‍රමාණය නිර්ණය කරගැනීමට ද පොඩි සූත්‍රයක් සකසා ගත හැකියි.

දිනකට  කළහැකි ජොබ්ස් ප්‍රමාණය = (Satisfied jobs/ 0.75) - සිදු කල මුළු ජොබ්ස්  ප්‍රමාණය
දැන් තේරෙනව නේද,  අපේ තියෙන “Not Satisfied” සහ “Not Rated” ජොබ්ස් ප්‍රමාණය වැඩි වෙනකොට අපේ Temporary Success Rate එකත් අඩු වෙනවා. ඒක 75% ට වඩා අඩු උනොත් තව දුරටත් ජොබ්ස් කරන්න බැහැ. බලල නැති ජොබ් 1 ක් බලල ඉවර වෙනකල් ඉන්න වෙනවා. හැබැයි ඒක හරියන්නත් ඕනි. වැරදියට කලොත් තව අඩු වෙනවා.  අපිට පලවෙනි දවසේ නම් ජොබ්ස් 20 ක් වෙනකල් කිසි ප්‍රශ්නයක් නැතිව කරන්න පුළුවන්.  ඊට පස්සේ තමා Temporary Success Rate එක  කරලියට එන්නෙ.

Reputation

Reputation එක කියන්නේ ඔබ කෙතරම් සාර්ථකව ජොබ්ස් කරනවාද කියන එක. මෙහිදී ඔබට ලැබෙන ජොබ්ස් වර්ග ප්‍රදාන කොටස් 7  කට වෙන් කර තිබෙනවා. ඔබ කෙතරම් සාර්ථකව ඒවා ඉටු කලාද යන්න reputation link ඒකෙන් ගියොත් ඔයාලට බලාගන්න පුලුවන්.  කිසියම් අංශයකින් තරුවක් ලබා ගැනීමට ඔබ අවම වශයෙන් එම අංශයේ ජොබ් 10 ක් වත් සාර්ථකව නිම කල යුතුයි.

Reputation එක වඩා වැදගත් වෙන්නේ Hire Me Jobs එහෙම නැත්තම්  “HM jobs” වලට.HM jobs කියල කියන්නේ ඔබවම ඉලක්ක කරගෙන ලබා දෙන ජොබ්ස්. “HM Jobs” Tab එකට ගියොත් බලාගන්න පුළුවන් ඔබට ලැබී තිබෙන ජොබ්ස් මොනවද කියල. ඉතින් කවුරු හරි කෙනෙක් ඔබට ජොබ් එකක් ලබා දෙන්නේ ඔබ කොතරම් දුරට හොදින් එම අංශයේ ජොබ්ස් කරලා තියෙනවද කියන එක මත.  
ඊලග පාඩමෙන් බලමු Microworkers සාර්ථක කරගන්න අමතරව අවශ්‍ය වෙන්නේ මොනවද කියල.



5 comments:

  1. ithama sarala widiyaya kiyala deela thiyanawa...mata hugak wadagath una..obata bohoma sthithiiiii...bohoma pin...

    ReplyDelete
  2. Success rate eka gana hoyala hoyala epa wela hitiye oyage liumen hamadema pahadili karala tiyanawa twa puluwannam yahoo answer wage job karana vidiha post ekakin danna mokada hma site ekama antarjalayen mudal hoyamu kiyala post dala tiyanawa eth ekakawat job ekak karana vidiha kiyala na. digatama liyana. obata jaya

    ReplyDelete