Monday, July 4, 2011

Microworkers පාඩම 3 - ජොබ් එකක් සිදු කරන ආකාරය

                     


            Microworkers වල ජොබ් එකක් කරන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මුලින්ම වෙබ් අඩවියට ලොග් උනාට පස්සේ jobs කියන  tab එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට කරන්න තියෙන ජොබ්ස් ටික පේන්න ගන්නව.
            
            ඊට පස්සේ කැමති ජොබ් එකක් තෝරාගන්න. මුලින්ම කරන ජොබ් ඒක ලේසි එකක් තෝරාගන්න මම රවුම් කරලා තියෙන එක වගේ. අනිත් එක PR1,PR3 කියල තියෙන ජොබ්ස් ඔයාලට කරන්න පුළුවන් ඔයාලගෙම කියල බ්ලොග් 1 ක් තියෙනවා නම් විතරයි. මේ වගේ ජොබ්ස් තමා ගොඩක් වෙලාවට ජොබ් ලිස්ට් එකේ පේන්න තියෙන්නේ.


              
                        job එක තෝරාගන්න කලින් බලන්න අදාළ ජෝබ් එකට කීයක්‌ ලැබෙනවද කියල. මම තෝරපු ජොබ් එකට නම් ගෙවන්නේ $0.1 යි. ඒ කියන්නේ රුපියල් 10 ක් විතර. Success% කියල කියන්නේ දැනට මේ ජොබ් එක කරන්න භාර ගත්ත අයගෙන් කීදෙනෙක් සාර්ථකව නිම කරලද කියන ඒක. Status කියන  කොටුව ලා කොළ පාට කියල කියන්නේ තාම ඔයාලට මේ ජොබ් ඒක භාර ගන්න පුළුවන් කියන එක. ඔය කොටුව තද කොළ පාට උනොත් අපිට ජොබ් එක භාරගන්න බැහැ.  Done කියන කොලම් එකේ තියෙන්නේ ජොබ්ස් කොච්චර ගානක් දීල තියෙනවද, ඒකෙන් ජොබ්ස් කීයක්‌ මේ වෙනකොට ඉවර කරලා තියෙනවද කියන එක. අපි මේකේ පෙන්නලා තියෙන ජොබ්ස් භාරගන්න කැමති නැත්තම් ඔය අයිනේ  තියන ඊතලය  ක්ලික් කරලා එක අයින් කරලා දාන්නත් පුළුවන්. 

                           


                        ජොබ් එක ක්ලික් කලාම උඩින් තියෙනවා වගේ එකක් ලැබෙයි. එකේ මම රවුම් කරල තියෙන තැන තමා තියෙන්නේ ඔයාල මොනවද කරන්න ඕනි කියන එක. දීල තියෙන උපදෙස් වලට අනුව කටයුතු කරන්න කලින් මේ ජොබ් එක ලංකාවේ අයට කරන්න පුලුවන්ද කියල ඊට උඩින් තියෙන කහ පාට කොටුව දිහා පොඩ්ඩක් බලන්න.
  
 ඊට පස්සේ පොඩ්ඩක් බලන්න ජොබ් එක කලා කියල ඔප්පු කරන්න මොනවද පෙන්නන ඕනි කියල. අපි ජොබ් එක කරන්න ගන්න ඕනි, මේ ඔප්පු කරන්න ඕනි සාධක ඔක්කොම ටික ඔලුවේ තියාගෙන. මොකද මොනවා කලත් අන්තිමට ඕනි වෙන්නේ ඒක නිසා. මම දීල තියෙන උදාහරණයේ නම් තියෙන්නේ මට ලැබෙන ee මේල් එක කොපි කරලා දාන්න කියල. මේ ලැබෙන ඔප්පු කිරීමේ සාධක විවිධාකාරයේ ඒවා වෙන්න පුළුවන්. සාධක කිහිපයක් ඉල්ලලා තියෙනවා නම් බොහොම පැහැදිලිව එක එක සාධකය වෙන් කරලා දාන්න. 1, 2, 3 විදිහට නොම්බර යොදන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
 




 ඔයාලට හිතෙනවා නම් හරියටම දීල තියෙන ජොබ් ඒක ඉවර කරන්න පුළුවන් කියල, I accept this job කියන ලින්ක් ඒක උඩින් ක්ලික් කරන්න. එත කොට තව box එකක් open වෙයි යටින්.



                        ජොබ් ඒක කරලා ඉවර උනාට පස්සේ, ඒ ගොල්ලෝ ඉල්ලන  අදාළ සාධකය එම කොටුව ඇතුලේ සදහන් කරන්න. දැන් කරන්න තියෙන්නේ පහල තියෙන “ I confirm that I have completed this task” ලියන බොත්තම ඔබන එක. ඔයගොල්ලෝ නියම වෙලාව ඇතුලේ ජොබ් ඒක කලානම් , පහල දාල තියෙන විදිහේ දැන්වීමක් ලැබේවි.


හැබැයි හොදට මතක තියාගන්න, ජොබ් එක කොච්චර ලේසි උනත් ඒක අපි පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න ඕනි, නැත්තම් ඔයාලට පහල පේනවා වගේ දැන්වීමක් ලැබෙයි. 
                       



එහෙම උනොත් අපරාදේ මහන්සිය. ඒත් බය වෙන්න එපා, ඕනිම ජොබ් එකක් (Article writing හැර) විනාඩියකටත් අඩු කාලයකදී කරන්නේ කොහොමද කියල මම ඉදිරියේදී කියල දෙන්නම්.






10 comments:

  1. Machan ela niyamai.. godaak wedagath.. kiyala wedak nehe..thanks machoo

    ReplyDelete
  2. machan api job 1 submit kalata passe eka reveiw karana kochara welawak yanawada?
    digatama liyana.jaya wewa...

    ReplyDelete
  3. මොනව හරි කරල ඉන්ටනෙට් බිලවත් ගෙවන්න පුලුවන් උනොත් නියමයි.....එළ එළ ඔහොම යං..........

    ReplyDelete
  4. please let us know what are the other trusted mini job sites?

    ReplyDelete
  5. I accept this job එබුවට පස්සෙ ජොබ් එක පටන් ගන්නෙ කොහෙද

    ReplyDelete
  6. macho kotuwa kola pata unoth kiyanne
    job karanna pulwan kiyala running availble kiyala therunada

    ReplyDelete
  7. what is the mean URL?

    ReplyDelete
  8. meka dan karanna amaruine Admission Test ekak denawa

    ReplyDelete
  9. SBC launches new slot machine games, a new online
    Launched in May 2021, SBC is a globally 전라북도 출장샵 recognised 익산 출장마사지 operator of online gambling products, Play 삼척 출장안마 the new 영주 출장샵 games of SBC at 동해 출장샵 our website.

    ReplyDelete